Thursday, February 6, 2020

පොලිස් සැරයන්වරයාගේ ඝාතනයට දෙදෙනෙකු පොලිස් භාරයට

වවුනතිව් - මුල්ලාමුණ ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද දහවල් මොවුන් මඩකලපුව -පුතූර් ප්‍රදේශයේදී මෙලෙස පොලිස් භාරයට ගත් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මේ වනවිට මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් බවට දැනට අනාවරණ වී තිබෙනවා.

අද පෙරවරුවේ තුවාල සහිත මෙම පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර වව්නතිව් - මුල්ලාමුණ ප්‍රදේශයේ
තිබියදී සොයා ගනු ලැබුවේ වවුනතිව් පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුවයි.

මියයන විට මොහු සිවිල් ඇදුමින් සිට ඇති අතර මියගිය ස්ථානයට යාබදව මොහුට අයත් ඉඩමක් ද පවතිනවා. ඝාතනයට ලක්වූ 55 හැවිරිදි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම දමිල ජාතික පොලිස් සැරයන්වරයා තිදරු පියෙක්.

මොහු ලබන මාසයේ විශ්‍රාම යාමට ද නියමිතව සිටි බවයි වාර්තා වන්නේ. 

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka