Sunday, February 9, 2020

දවල් කෑම එකේ කැරපොත්තෙක් හිටපු නිසා අවන්හලේ සේවකයින්ට බඩ කට පිරෙන්න ගුටි සංග්‍රහයක් - Photos

යාපනය නගරයේ ප්‍රසිද්ධ අවන්හලකින් ඇණවුම් කල දිවා ආහාරයේ කැරපොත්තෙකු සිටීම නිසා පාරිභෝගිකයින් හා අවන්හල් හිමියා අතර 9 දා දහවල් ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

පාරිභෝගිකයින් පිරිස අවන්හල් හිමියා ඇදගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හමුවීමට යාමට උත්සහ කිරීමත් සමගම දැඩි නොසන්සුන් තත්ත්වයක් අවන්හල තුල ඇති වී ඇති බව වාර්තාවනවා.

අවන්හලට පැමිණි පාරිභෝගිකයින් පිරිසට අවන්හලේ සේවකයින් පහර දීමට සූදානම් වූ අවස්ථාවේදී නගරයේ සිටි පිරිසක් අසාධාරණය දැක අවන්හලේ සේවකයින්ට පහර දී ඇති අතර ඔවුන් සියලු දෙනාම
අවන් හල අතහැර පැන ගොස් තිබෙනවා.

පාරිභෝගිකයින්ද අවන්හල් හිමියාට හොදටම පහර දී අවන් හලෙන් පිටව ගොස් ඇති අතර මීට මාස අටකට ඉහතදී උතුරු පළාත් සභාව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ ශ්‍රී ලංකාවේදී ඉතා අපිරිසිදු ආකාරයට ආහාර පිසිනු ලබන එකම නගරය යාපනය නගරය බවයි.


under the courtesy of mawbima.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka