Wednesday, March 11, 2020

මහමඟ කසළ මලු දමා ගිය පුද්ගලයන් 12කට දඩ

නාවලපිටිය නගරයේ මංමාවත්වල අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසළ මලුවල තිබී හමුවී ඇති ඉරා දමන ලද ඡායාරූප, විදුලි සහ ජල බිල්පත් ඇතුළු විවිධ ආයතන සමඟ ගනුදෙනු කළ නම සහ ලිපිනය සඳහන් රිසිට්පත් ආදිය උපයෝගි කරගනිමින් කළ විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු මත එම කසළ මලු මහමඟ දමාගිය පුද්ගලයන් 12 දෙනෙක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආපදා පනත යටතේ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

නගරයේ කසළ බැහැර කිරීම කොතරම් විධිමත් අයුරින් සැලසුමකට අනුව කළත් රාත්‍රි කාලයේදී හෝ
අලුයම් කාලයේදී ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවලට විවිධ පුද්ගලයන් අපද්‍රව්‍ය සහිත කසළ මලු බැහැර කිරීම නිසා සුනඛයන් සහ කපුටන් වැනි සතුන් ඒවා මාර්ගය පුරා ඇදගෙන යෑමෙන් ලෙඩ රෝග බෝ වීම මෙන්ම දුර්ගන්ධයක්ද පැතිර යන බවට මහජනතාවගෙන් දිගින් දිගටම පැමිණිලි තිබිණි. මහමඟ දමා යන කසළ මලු කොතරම් අප්‍රසන්න වුවත් ලිහා බලා ඒ අනුව ලබාගන්නා හෝඩුවාවල් ඔස්සේ යමින් මෙම නීති විරෝධී ක්‍රියාව කරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් නගර සභාවට කැඳවා නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරේ.

දුර්ගන්ධය සහිත අප්‍රසන්න කසළ මලු තමාත් නගර සභාවේ සේවකයනුත් පරික්‍ෂා කිරීම් දිගටම සිදු කරමින් ජනතාව පීඩාවට පත් කරන පුද්ගලයන් සොයා ගෙන නීතිය හමුවට ගෙනයන බවත් නාවලපිටිය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නුවන් කැකුලන්දර මහතා පැවැසීය.

නාවලපිටිය අඹගමුව පාර, සොයිසාකැලේ පාරේ රෝහල පසුපස හන්දිය, ‍ෙදාළොස්බාගේ පාර, ජයසුන්දර පාර, පැණිතුඩුමුල්ල පාර සහ තලවාකැලේ පාර යන මාර්ගවල කසළ මලු හමුවී ඇත. මෙම කසළ මලුවලින් සමහරක් එව් නාවලපිටිය නගරයෙන් පිට අයගේ බවද ඇතැම් අය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මෙන්ම ජේ‍යාතිෂ ශාස්ත්‍රඥයන් බවටද හෙළි වී තිබේ. සමහර අය පිටත සිට නගරයේ ත්‍රිරෝද රථ ගාල්වලට පැමිණෙන කුලී රථ රියැදුරන් බවටද හඳුනාගෙන තිබේ. මේ අතර මෙසේ මහමඟ කසළ මලු දමා ගිය පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව පසුගිය සතියේද නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීමෙන් පසු එක් අයකුට රුපියල් 3000ක් බැගින් දඩ මුදලක් ගෙවීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.


නාවලපිටිය - අතුල දිසානායක 


under the courtesy of mawbima.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka