Friday, April 17, 2020

කොරෝනා පාලනයෙන් 09 වන තැන ශ්‍රී ලංකාවට

කොවිඩ් _ 19 හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම ලෝකයේ බලවත් රටවලට මේ වන විටද අභියෝගයක් වී තිබේ. ඒත් ශ්‍රී  ලංකාව වැනි පුංචි රටක් කොරෝනා වසංගතය මර්දනයෙන් සාපේක්ෂව සිටින්නේ ප්‍රමුඛ තැනකය.

ඕස්ට්‍රේලියාවේ අයි.සී.එම්. නම් ආයතනය සකස් කළ වික්ට් දර්ශකයට අනුව කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතරින් ලංකාවට 9 වැනි  ස්ථානය හිමිව ඇත. ලංකාවට ඉහළින් සිටින්නේ නවසීලන්තය, සිංගප්පූරුව, අයිස්ලන්තය, ඕස්ට්‍රේලියාව, පින්ලන්තය, නෝර්වේ, කැනඩාව, දකුණු කොරියාව යන රටවල්ය. හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජපානය හා තායිවානය යන රටවල් ලංකාව සමඟ සම තැන් ගෙන සිටී.
ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, බි්‍රතාන්‍ය, රුසියාව හා ඉන්දියාව වැනි ප්‍රබල රටවල් සිටින්නේ ලංකාවට පහළින් වීම විශේෂත්වයකි.

මේ දර්ශකයේ මුල් රටවල් 10 අතරට පැමිණීමට හැකි වීම ලංකාවට ආඩම්බරයකි.  කොරෝනා මර්දනයට ඇප කැප වී රාජකාරි කළ අපේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල සියලු දෙනාට එහි වැඩි ගෞරවය හිමි විය යුතුය. ජනාධිපතිවරයා ඇතුළු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අදාළ අංශවලට අවශ්‍ය පූර්ණ සහාය ලබාදුන්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හැර පවතින තත්ත්වයන් තුළ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවැරුණු වගකීම මනාව ඉටුකර ඇති බවට වික්ට් දර්ශකයේ ලංකාවට හිමිව ඇති ස්ථානය කදිම නිදසුනකි. රාජ්‍ය නායකත්වය, කාර්යක්ෂමතාව හා අදාළ සෞඛ්‍ය අංශවල සූදානම මේ දර්ශකය සැලසීමේදී අයි.සී.එම්.ඒ. ආයතනය මූලිකව සලකා බලා ඇත.

ලෝකයේ සෙසු රටවල් අතර ලංකාවට හිමිව ඇති ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපයේද සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරමින් කොවිඩ් _ 19 වසංගතයෙන් රට මුදා ගැනීමට අප කටයුතු කළ යුතුය. එහිදී ජනතාවට පැවරෙන්නේ වැඩි වගකීමකි. ඒ වගකීම නොපිරිහෙළා ඉටු කරමින් පෞද්ගලිකව තමන්ගේද පොදුවේ සමාජයේද සෞඛ්‍ය ආරක්ෂාව සුරකිමු. කොවිඩ් _ 19 වසංගතය පරාජය කර යළි සුපුරුදු ජීවිතය අරඹමු.


under the courtesy of mawbima.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka