Saturday, May 6, 2023

දොස්තරලා 350ක් පැදුරටත් නොකියා රට ගිහින්

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගතවූ මාස නවයේදී නොදන්වා වෛද්‍යවරුන් 350ක් පමණ විදේශගතවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාරක සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පැවසීය.

ලංකාව තුළ සේවය කිරීමට අවශ්‍ය ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙන විශේෂඥ වෛද්‍යවරුන් ගණන 2,837ක් ද, වෛද්‍යවරුන්

ගණන 23,000කට ආසන්න බව ද හෙතෙම කීය.

විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකු හොර රහසේ රටින් පිටව ගොස් ඇති බව ත් සාමාන්‍ය වෛද්‍යවරුන් 250කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස විදේශගතව ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට බාධාවක් වන ආකාරයෙන් නොදන්වා සේවය අතහැර යන සියලු දෙනාට සේවය අතහැර යාමේ නියෝගය නිකුත් කර වෛද්‍යවරුන් 50 දෙනෙක් පමණ අසාදු ලේඛන ගත කර ඇති බව ද ඔහු පැවසීය.

පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ තවමත් රට තුළ සේවයේ නිරත වන වෛද්‍යවරුන්ට සහනයක් දිය යුතු බව ත් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටින බව ත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.

under the courtesy of mawbima.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka