Monday, January 27, 2020

දුරකථන සංවාද ළඟ තබා ගැනීම මානසික රෝගී තත්ත්වයක්ද?

පොතක සටහන් කර ගැනීම රහස්‍ය ලේඛන ලිපි, පින්තූර තමන් ළඟ තබා ගැනීම සහ වර්තමානයේ ජංගම දුරකථන පරිගණක සහ සංයුක්ත තැටිවල ගබඩා කර තබා ගැනීම මානසික විකෘතිතාවකි

 - මානසික වෛද්‍ය විද්‍යාවට අනුව තවත් කෙනකුගේ තොරතුරු තමන්ගේ  නැවත පරිහරණය සඳහා උපයෝගී  කර ගැනීමට මොළයේ වම සහ දකුණු කොටස්වල ගබඩා පහසුකම්  ඇත

 - තමන්  සපුරා ගත් ඉලක්ක ඇති අතර සාමාන්‍ය දැනීම ද  යම් මට්ටමක පවතී

 පෞද්ගලිකත්වය යනු තමන්ට තමා ගැන පමණක් වගකියන වෙනත් පාර්ශ්වයන්ට සහසමාජය සමඟ (Share) බෙදා හදා ගන්නා දෙයක් නොවේ

 පෞද්ගලික සහ රහසිගතව (Private and Confidential)  ආරක්ෂා කර ගැනීමට සාමාජීය පමණක් නොව
නීතිමය වශයෙන් ද රැකවරණයක් දී ඇත.

 පෞද්ගලිකත්වය යනු තමන්ට තමා ගැන පමණක් වගකියන වෙනත් පාර්ශ්වයන්ට සහසමාජය සමඟ (Share) බෙදා හදා ගන්නා දෙයක් නොවේ.
 රහස්‍යභාවය යනු වෙනත් පාර්ශ්වයක් ගැන දැනගෙන එය ඔහුගේ අවසරයකින් තොරව අනෙක් පාර්ශ්වයක් සමඟ හුවමාරු කර නොගැනීමයි.
 විශ්වාසය (trust) විනයානුකූල භාවය (Discipline) මානසිකත්ව (Mental Status) මත පෞද්ගලික සහ රහස්‍ය භාවයෙහි වටිනාකම විනාශ කරගනු ලැබේ.
 

මානසික වෛද්‍ය විද්‍යාවට අනුව තවත් කෙනකුගේ තොරතුරු තමන්ගේ නැවත පරිහරණය සඳහා උපයෝගී කර ගැනීමට මොළයේ වම සහ දකුණු කොටස්වල ගබඩා පහසුකම් ඇත.

 එසේ තිබියදී වෙනත් තාක්ෂණික මෙවලම් මගින් ගබඩා කර ගැනීම පොතක සටහන් කර ගැනීම රහස්‍ය ලේඛන ලිපි, පින්තූර තමන් ළඟ තබා ගැනීම සහ ජංගම දුරකථන

 පරිගණක සහ සංයුක්ත තැටිවල ගබඩා කර තබා ගැනීම මානසික විකෘතිතාවකි.

 එසේ කරන අයගේ

 පෞරුෂයේ (Personality) ලක්ෂණ කීපයක් මෙසේය.

 * තමන් ගැන සහ ලෝකය වටපිටාව ගැන තිබෙන අවිශ්වාසය

 * ආධ්‍යාත්මික (Spritual) සහ ආගමික විශ්වාසයන් බිඳ වැටීම සහ නොගැලපීම්

 * තමන් තනි වීම සහ (loney) දෙමාපියන් දරුවන් පවුල සමාජීය සම්බන්ධ (Community leadership) බිඳ වැටීම

 * මානසික රෝගී තත්ත්වය සහ ඇතැම් පුරුදු සහ ඇබ්බැහි වීම

 * පසු කාලයේ ආර්ථික වාසි, පලිගැනීම්, තමන්ගේ මානසික සුවයට විනෝදාංශ ක්‍රියාවලියක් සේ සිතා සීමාවක් නොමැතිව (unlimited) දක්වා එකතු කිරීම ආදිය දැක්විය හැකිය.

 ප්‍රතිකාර ලබාදීම
 
මූලික ප්‍රතිකාර කිරීමේදී මෙය වෛද්‍යවරුන් හඳුනා ගන්නේ දැඩි ලෙස සිතේ රඳවා ගැනීම, (ග්‍රහණය) තබා ගැනීම, සිතෙන් දැඩිව දරා ගැනීම (obsession) ලෙසය.
 
මෙවැනි පුද්ගලයන්ට මූලික ප්‍රතිකාර ලෙස ශාරීරික සහ මානසික චිකිත්සක ප්‍රතිකාර ලබාදේ. රෝගය උග්‍ර වුවහොත් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සිදු වේ.
 
කුඩා කාලයේ අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිමින් අරමුණක් නිශ්චිත ක්‍රමවේදයන් නැති වීම මේ සඳහා යම් බලපෑමක් ඇති කරයි. තමන් සපුරා ගත් ඉලක්ක ඇති අතර සාමාන්‍ය දැනීම ද යම් මට්ටමක පවතී.

under the courtesy of divaina.com news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka