Monday, January 27, 2020

ගුවන් තොටුපල අසල ත්‍රිරෝද රථ රියදුරන් නියාමනයට වැඩපිළිවෙළක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුවඉදිරියේ දී කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රීරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිල ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීය.

එසේම ගුවන්තොටුපළේ ත්‍රීරෝද රථ සේවාව හඳුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්වීම කෙරෙහිද අවදානය යොමුව ඇතැයිද හෙතෙම  වැඩිදුරටත් කීය.

වෙනත් රටවල ගුවන් තොටුපල ආශ්‍රිතව මෙවැනි සේවාවාන් සඳහා ලබා දී ඇති නිර්ණායකයන්ට අනුව
මෙම නියාමනය කිරීම සිදුවන බවද රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රී රෝද රථ රියදුරන් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ගුවන් තොටුපළ පුළුල් කිරීමත් සමඟ මෙම ත්‍රීරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහා රැස්වීම කැඳවා තිබිණි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගන්නා බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී එම ත්‍රීරෝද රථ රියදුරන් හමුවේ පැවසූයේ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධ පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇති බවයි.

සංචාරකයන් මුලින්ම මෙරටට පැමිණෙන ස්ථානය වන කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවන ඇතැම් ක්‍රියා හේතුවෙන් රට පිළිබඳව විදේශිකයන්ට වැරදි හැගීමක් ඇතිවන බවත් එය රටට නරක නාමයක් ඇතිකරන්නක් හෙයින් මෙවැනි සිද්ධීන් වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවත් ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.


 under the courtesy of lankadeepa.lk  news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka