Monday, January 27, 2020

සී.අයි.ඩියට පැමිණි ශානිට යන්න සිය නිල රථය දුන් ඒ.එස්.පී. ගැන පරීක්ෂණයක්

අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 23 වැනිදා රහස් පොලිසියට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට පිටත්ව යාමට සිය නිල රථය ලබාදුන් බව කියන රහස් පොලිසියේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි.

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් නිලධාරියකුට ගමන් කිරීමට පොලිස් නිල රථයක් ලබාදීම වැරදි ක්‍රියාවක් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (26) පැවසීය.

වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට යෑමට සිය නිල
රථය ලබාදුන් බව කියන එම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබාගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට පිටත්ව යාමට පොලිස් නිල රථයට අමතරව පොලිස් රියැදුරකු ද සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සපයා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.

පොලිස්පතිවරයා ගමන් කරන ප්‍රවේශ මාර්ගය ඔස්සේ රහස් පොලිසියේ හිටපු අධ්‍

යක්ෂවරයා පිටව ගොස් ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරික්ෂා කර බැලීමේ දී මේ බව හෙළිවී තිබෙන බව ද පොලිසිය කීය.

 
under the courtesy of lankadeepa.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka