කුලී ගමනක් යන මුවාවෙන් ත්රී රෝද රථ රියදුරකු සමග පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, ත්රී රෝද රථ රියදුරුට උල් ආයුධයකින් ඇන ඝාතනය කර ඔහු සතුව තිබූ රුපියල් 1000ක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව ජා-ඇල පොලීසිය පවසයි.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරා ජාඇළ පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරතවූ නිලධාරීන් විසින් රෝහල් ගතකිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ඊයේ රාගම රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී ත්රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 67 හැවිරිදි ඔහු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනය සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වි නැහැ.පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරා ජාඇළ පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරතවූ නිලධාරීන් විසින් රෝහල් ගතකිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ඊයේ රාගම රෝහලට ඇතුළත් කෙරුණා.