නිදහස් දින සැමරුම සඳහා පෙරහුරුවක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ‘සෙස්නා’ නමැති කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක ඇතිවූ හදිසි පණිවුඩ හුවමාරු දෝෂයක් නිසා රත්මලාන, කොළඹ ගුවන්තොටුපළ පෙරේදා (30 දින* දහවල් පැය භාගයක පමණ හදිසි තත්ත්වයක් (ලෝකල් එමර්ජන්සි* නම් කිරීමට කටයුතු කෙරිණි. හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමගම ගුවන්තොටුපළ
ගිනි නිවීමේ හා මුදා ගැනීමේ ඒකකයේ රථ හා ගිලන් රථ හදිසි ගොඩබෑමකට පසු අවැසි කාර්යයන් වෙනුවෙන් ගුවන් පථයට ආසන්න ස්ථානයක සූදානම්ව සිටීමට ක්‍රියා කර ඇත.
මීට අමතරව ගුවන්තොටුපළ ආරක්ෂක අංශය සන්නිවේදන කුලූනු කාර්ය මණ්ඩලය ඇතුළු අංශ කීපයක්ම මෙම හදිසි තත්ත්වයට සූදානම්ව රාජකාරි කටයුතුවල නිරත වූහ.
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සිට සති දෙකකට පමණ පෙර නිදහස් දින සැමරුම සඳහා පෙරහුරු කිරීමට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත රැුගෙනවිත් තිබූ මෙම සෙස්නා වර්ගයට අයත් යානා 06 ක් කඳවුරු භූමියේ පිහිටි ගුවන් යානා අංගනය තුළ රඳවා තිබේ. මෙලෙස හදිසි සන්නිවේදන බිඳවැටීමකට ලක්වූයේ එම ගුවන් යානා අතරින් එකකි. පෙරහුරුව සඳහා ගුවන්ගත වී මද වේලාවකට පසු යානය මෙම දෝෂයට ලක්වී තිබේ. කෙසේ වෙතත් යානය නිරුපද්‍රිතව ගොඩබැස්සවූ අතර ඉන් සුළු වේලාවකට පසු හදිසි තත්ත්වයෙන් මිදී සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා රත්මලාන කොළඹ ගුවන් තොටුපළ යථා තත්ත්වයට පත්විය.
under the courtesy of divaina.com news web