Monday, February 3, 2020

වුහාන් සිට සිසුන් සියරට ගෙන ආ ගුවන් කාර්ය මණ්ඩලයට ජනපති ප්‍රසාදය

කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්ව එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට එක්ව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ
මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවෝ, ඉංජිනේරුවෝ හා කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලයම මවුබිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඔවුන් ගත් අවදානම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් කළ බව ඒ මහතා සඳහන් කර තිබේ.

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රි ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙනයාමටත්, ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමඟ සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට  පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව ඇත.


under the courtesy of adaderana.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka