නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වු බස් රථයකින් මඟීන්ගෙන් වැඩි මුදලක් අය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.
ජාතික ගමානාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත අදාළ උපදසේ ලබා දී ඇති අතර දැනටමත් එම කොමිසම මඟින් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකර ඇති බවයි මඟී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පැවසුවේ.
එහි වාර්තාව මෙම සතියේ මහින්ද අමරවීර අමාත්‍යවරයාට භාරදීමට නියමිතව ඇත. ජාතික ගමානාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත අදාළ උපදසේ ලබා දී ඇති අතර දැනටමත් එම කොමිසම මඟින් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකර ඇති බවයි මඟී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පැවසුවේ.
එමෙන්ම සාමන්‍ය බස් රථයකට තාවකාලිකව හෝ අර්ධ සුඛෝපභෝගි බලපත්‍රයක් ලබා දී ඇත්නම් ඊට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
නුවරඑළිය සිට කොළඹ දක්වා ගමානගමන කටයුතු සඳහා සාමන්‍ය බස් රථයකට සතියකට තාවකාලික බලපත්‍රයක් ලබා දී ඇති අවස්ථාවක ඔවුන් විසින් මඟින් රැවටීමට ලක්කර අර්ධ සුඛෝපභෝගි බස් රථයකින් අය කරන මුදල මගීන්ගෙන් ලබා ගැනීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණි.
under the courtesy of adaderana.lk news web